Saturday, April 18, 2026
Homeදේශීයඑළුවන් පැමිණීමට උරණ වී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

එළුවන් පැමිණීමට උරණ වී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වාලච්චේන , නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායක දී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් ඊයේ 06 සවස හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 74 ක් වූ කල්ලඩිවෙට්ටෙයි , කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුට අයත් ගොවිපලට යාබද ගොවිපලක එළුවන් පැමිණ බෝගවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් කලකසිට පැවති ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇත.

අනෙක් ගොවිපලේ හිමිකරු විසින් තියුණු ආයුධයකින් හිස ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිසිය විමර්ශන අරඹා ඇත.

READ:   BREAKING NEWS: කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්