Tuesday, September 15, 2026
Homeදේශීයහෝටලයක් පිටුපස තිබී 16 හැවිරිදි තරුණියකගේ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

හෝටලයක් පිටුපස තිබී 16 හැවිරිදි තරුණියකගේ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

ඊයේ (06) සවස කළුතර දකුණ පොලිස් ස්ථානයට මේ පිළිබඳව පණිවිඩයක් ලැබී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

මියගිය කාන්තාව තවත් කාන්තාවත් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමග අසල හෝටලයට ඊයේ (06) සවස පැමිණ එහි කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඉන්පසුව එක් කාන්තාවක් සහ පුද්ගලයෙක් පිටව ගොස් ඇති අතර පසුව මරණකාරිය සමඟ සිටි පුද්ගලයා ද හෝටලයෙන් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිසෙහි සිටි අනෙක් තරුණයා සහ තරුණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය තරුණිය සමඟ පැමිණි තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   අවුරුදු 18 බිරිඳ පැහැර ගත් අවුරුදු 19 සැමියාට වැඩ වරදී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්