මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.
අදාළ යෝජනාවට මුදල් කමිටුවේ ද අනුමැතිය හිමිවූ බව
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.
පොහොර ආනයනය කරන සියලු ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද(04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
අදාළ මුදල් යොදා ගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බව අමාත්‍යවරයා පවසනවා.
පොහොරවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලබන මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වන බවයි.
එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පවරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…