දේශීය

ඩෙංගු අධිවසංගතයක් වීමේ අවදානමක්

ඉදිරියේ දී ඩෙංගු රෝගය අධිවසංගත තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා පවසනවා.

ඒ මහතා ‘ දිවයින පුවත් පත ‘ ට මෙම අදහස් පළ කර තිබුණා.

පවතින වැසි සහිත කාලගුණය සමග අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් වර්ධනයක් පෙන්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා.

“ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. මේ සම්බන්ධයෙන් අපි මහජනතාවට අනතුරු අඟවනවා. මහජන මුදල් විනාශ කරමින් ඩෙංගු මර්දන ඒකකය කටයුතු කරන බව පෙනෙනවා. ඩෙංගු රෝගීන් වැඩිවෙන කොට ඩෙංගු වැඩි වෙනවා කියන්න ඩෙංගු මර්දන ඒකකයක් අවශ්‍ය නැහැ. ඩෙංගු මර්දනය සඳහා බිම් මට්ටමේ ඉඳලා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

මෙම වසරේ ගත වූ මාස 4 තුළ ඩෙංගු රෝගීන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇත. එහිදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

:මූලාශ්‍රය – දිවයින

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago