ක්‍රීඩාව යනු තරගාකාරීත්වය තුළින් ශිෂ්ට සම්පන්න මිනිසුන් සමාජයට බිහි කරන සුවිශේෂී ක්‍රියාකාරකමක්.
නමුත් ක්‍රීඩාව වෙනුවට අශිෂ්ට ක්‍රියාවක් ලොවටම ප්‍රදර්ශනය කළ සිදුවීමක් පානදුර, හිරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙය බක් මහ උළෙලක පාපැදි තරගයක්.
පානදුර, හිරණ, තේක්කවත්ත ප්‍රදේශයේ පෙරේදා(23) දින පැවති මෙම පාපැදි තරගයේදී ජය කණුවට මීටර් 100ක පමණ කෙටි දුරක් තිබියදී තරගයේ තුන්වැනි ස්ථානයේ සිටි පාපැදිකරු තල්ලු කර වට්ටා දැමීමට එහි තවත් පාපැදිකරුවෙක් කටයුතු කළා.
මෙම අශිෂ්ට ක්‍රියාව නිසා තරගය නරඹමින් සිටි කුඩා දරුවෙකුට ද තුවාල සිදුවුණා.
අනතුරින් පසු පාපැදිකරු සහ කුඩා දරුවා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූ පාපැදිකරු යුද හමුදා කෝප්‍රල්වරයෙක් වන අතර ඔහු තල්ලු කළ පුද්ගලයා යුද හමුදා සෙබෙළෙක්.
අනතුරින් පසු එම යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරි බව පොලීසිය පවසනවා.
සිද්ධිය ගැන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
එම විඩියෝව පහතින් දැක්වේ,
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…