Monday, September 14, 2026
Homeදේශීයක්‍රීඩාවේ ජීව ගුණය බල්ලට දමා පාපැදි තරගකරුවෙක් තල්ලු කළ තවත් පාපැදිකරුවෙක්ගේ අශිෂ්ට...

ක්‍රීඩාවේ ජීව ගුණය බල්ලට දමා පාපැදි තරගකරුවෙක් තල්ලු කළ තවත් පාපැදිකරුවෙක්ගේ අශිෂ්ට ක්‍රියාව..(VIDEO)

ක්‍රීඩාව යනු තරගාකාරීත්වය තුළින් ශිෂ්ට සම්පන්න මිනිසුන් සමාජයට බිහි කරන සුවිශේෂී ක්‍රියාකාරකමක්.

⁣නමුත් ක්‍රීඩාව වෙනුවට අශිෂ්ට ක්‍රියාවක් ලොවටම ප්‍රදර්ශනය කළ සිදුවීමක් පානදුර, හිරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙය බක් මහ උළෙලක පාපැදි තරගයක්.

පානදුර, හිරණ, තේක්කවත්ත ප්‍රදේශයේ පෙරේදා(23) දින පැවති මෙම පාපැදි තරගයේදී ජය කණුවට මීටර් 100ක පමණ කෙටි දුරක් තිබියදී තරග⁣යේ තුන්වැනි ස්ථානයේ සිටි පාපැදිකරු තල්ලු කර වට්ටා දැමීමට එහි තවත් පාපැදිකරුවෙක් කටයුතු කළා.

මෙම අශිෂ්ට ක්‍රියාව නිසා තරගය නරඹමින් සිටි කුඩා දරුවෙකුට ද තුවාල සිදුවුණා.

අනතුරින් පසු පාපැදිකරු සහ කුඩා දරුවා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබෙනවා.

තුවාල ලැබූ පාපැදිකරු යුද හමුදා කෝප්‍රල්වරයෙක් වන අතර ඔහු තල්ලු කළ පුද්ගලයා යුද හමුදා සෙබෙළෙක්.

අනතුරින් පසු එම යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරි බව පොලීසිය පවසනවා.

සිද්ධිය ගැන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

එම විඩියෝව පහතින් දැක්වේ,

READ:   වෙළෙඳපොළේ භාණ්ඩ කිහිපයක මිල සීඝ්‍රයෙන් ඉහළට: රජයෙන් විශේෂ තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්