ස්වාධීන රූපවාහිනි ආයනයේ (ITN) ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවය කළ ඉෂාරා දේවේන්ද්‍ර සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ITN සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ ලිංගික අල්ලස් බලපෑම මත තමන් සිය රැකියාවෙන් ඉවත් වීමට තීරණය කළ බව ඉෂාරා දේවේන්ද්‍ර සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ITN සභපතිවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර ඇත.



