විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ මගපෙන්වීම පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී මුලතිව් සහකාර පොලිස් අධිකාරි කේ.ජී.ජී. නිශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඊ.ජී.ඩී.ඩී.බී. ඇල්ලේපොල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.20 වන දින ධර්මපුරම් පොලිස් වසමේ පිලමන්දනාරු, මයිල්වානපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු නිෂ්පාදනය කිරීම, වෙඩිබෙහෙත් කොටන තුවක්කු සහ තුවක්කු නිෂ්පාදනය කිරීම සඳහා යෙදාගන්නා උපකරණ සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 56 ක පිලමන්දනාරු, මයිල්වානපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කුවක්, බඳින තුවක්කු දෙකක්, තුවක්කු සෑදීමට ගන්නා බට 06ක්, ඊයම් කැබලි 14 ක්, නියන්, දඩු අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස ගිනි අවි සන්තකයේ තබාගෙන සිටිම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී .
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…