Saturday, April 18, 2026
Homeදේශීයනිවසක් තුල අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

නිවසක් තුල අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ මගපෙන්වීම පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී මුලතිව් සහකාර පොලිස් අධිකාරි කේ.ජී.ජී. නිශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඊ.ජී.ඩී.ඩී.බී. ඇල්ලේපොල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.20 වන දින ධර්මපුරම් පොලිස් වසමේ පිලමන්දනාරු, මයිල්වානපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු නිෂ්පාදනය කිරීම, වෙඩිබෙහෙත් කොටන තුවක්කු සහ තුවක්කු නිෂ්පාදනය කිරීම සඳහා යෙදාගන්නා උපකරණ සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 56 ක පිලමන්දනාරු, මයිල්වානපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කුවක්, බඳින තුවක්කු දෙකක්, තුවක්කු සෑදීමට ගන්නා බට 06ක්, ඊයම් කැබලි 14 ක්, නියන්, දඩු අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස ගිනි අවි සන්තකයේ තබාගෙන සිටිම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී .

READ:   උසස් පෙළ විභාගය ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්