Sunday, April 19, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරන්න අමෙරිකානු තානාපතිනියත් එක්වෙයි.. (VIDEO)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරන්න අමෙරිකානු තානාපතිනියත් එක්වෙයි.. (VIDEO)

කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සිහිපත් කිරීමේ ප්‍රධාන දේව මෙහෙය මේ වනවිට කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී උදෑසන 8.45ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කළා.

අනතුරුව කොච්චිකඩේ දේවස්ථානයේ ඝණ්ඨාර නාදය මැද ඉටිපන්දම් දැල්විය.

එම අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් රැසක් එක්ව සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්.

අදාළ දර්ශන පහතින්

READ:   දිමුත්ගෙන් සහ කුසල්ගෙන් වාර්තාගත සබඳතාවක් සමග ශතක දෙකක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්