Tuesday, September 29, 2026
Homeදේශීයපොලිස් ඇමතිගේ ලේකම් ලෙස පෙනී සිටි අයෙක් CID අත්අඩංගුවට

පොලිස් ඇමතිගේ ලේකම් ලෙස පෙනී සිටි අයෙක් CID අත්අඩංගුවට

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 19 වන දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුවත්ත පාර, ඉහළ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා අමාත්‍යාංශය කාර්යමණ්ඩල නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් ගෙන අසභ්‍ය ලෙස බැණ තර්ජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරට විමර්ශන පවත්වයි.

READ:   රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්