ජාතික අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා.
ඒ, බැක්ටීරියාවක් ආසාදනය වීම හරහා රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස්වලට බලපෑමක් එල්ල වීම නිසා බව Life Traveler කළ විමසීමකදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළා.
ඔහු සඳහන් කළේ, පසුගිය 14 වැනිදා සිට ශල්‍යාගාර වසා දමා ඇති බවයි.
මෙවැනිම ආකාරයේ සිදුවීමක් රටපුරා වෙනත් රෝහල්වලිනුත් වාර්තා වී ඇති බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අනාවරණය කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බව ද ඔහු පවසනවා.
විෂබීජය ඇතුළු වී තිබෙන්නේ ශල්‍යකර්මවලදී ලබාදෙන ඖෂධයක ප්‍රමිතිය පිළිබඳ හටගෙන ඇති ගැටලුවක් මුල් කරගෙන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අනාවරණය කරයි.
දැනට කර ඇති විමර්ශන අනුව එය ඇසට යොමු කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කරමින් පවසනවා.
එබැවින් එම ඖෂධ වර්ගය මේ වනවිට රෝහල්වලින් ඉවත් කිරීමට ද කටයුතු කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කරයි.
මෙම අනාවරණයේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න..
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…