දේශීය

පල නොකියා පලා බෙදූ ජී.එල්ට පොහොට්ටුවේ මහා සභා රැස්වීමට එන්නැයි සාගරගෙන් ඇරයුම්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට(22) පැවැත්වෙන මහා සභා රැස්වීම සඳහා සහභාගී වන්නැයි පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස්ට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

මහා සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් එහි ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශුන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් තම නීතිඥයින් හරහා දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ, ජී.එල් පීරිස් යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ඔහු වෙත යොමු කළ බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව සිය පක්ෂය තුළ මහා සභාවක් ස්ථාපිත කර ඇති බව එම ලිපිය මගින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂය සඳහන් කළේ, මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂ සභාපති ධුරයට පත් කර ගත්තේ ද 2016 වසරේ පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමකදී බවයි.

අවස්ථා ගණනාවකදී පක්ෂයේ මහා සභා රැස්වීමේ මුලසුන දැරූ මහාචාර්ය ජී.එල් පීරිස් මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් විමතියට පත්වන බව එම පක්ෂය සඳහන් කළා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago