රජරට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයකු,රේඩියෝ හා පුවත්පත් මෙන්ම වෙබ් මාධ්‍ය වෙදියකු වු හොරොව්පතාන පැතුම් දර්ශන අභාවප්‍රාප්ත වී ඇත.
කහටගස්දිගිලිය,හොරොව්පතාන,කැබිතිගොල්ලෑව ගලෙන්බිදුණුවැව ඇතුළු අනුරාධපුර දිස්තයේ ජනතාවගේ දැවන තොරතුරු වාර්තා කරමින් ජනතාවට සහ මාධ්‍යය ජිවිතතුලින් රටට ඉමහත් සේවයක් සිදු කරමින් කටයුතු කළ හොරොව්පොතාන පැතුම් දර්ශන මහතාට ඇති වු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් හොරොව්පොතාන ග්‍රාමිය රොහට ඇතුලත් කොට ඇත්තේ පසුගිය (16) දිනයි.පසුව (17)උදැසන වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන යමින් සිටියදී මොහු මියගොස් සිටි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මිය යන විට එම මහතා 38 වන වියේ පසුවු අතර වයස අවුරුදු 6 ක ඒක් දරු පියෙකි.
පැතුම් දර්ශන මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ සහන නිවේදකයකු ලෙස ද කටයුතු කල අතර 2019 වර්ෂයේ දී පැවැත්වු රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසද සම්මානය ද පාත්‍රවී විය.
මිය ගිය පැතුම් දර්ශන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (18) දින හොරොව්පතාන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති බව පවුලේ ඥාතින් පැවසුහ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…