Friday, August 14, 2026
Homeදේශීයරජරට ගුවන් විදුලියේ නිවේදක පැතුම් දර්ශන අභාවප්‍රාප්ත වෙයි

රජරට ගුවන් විදුලියේ නිවේදක පැතුම් දර්ශන අභාවප්‍රාප්ත වෙයි

රජරට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයකු,රේඩියෝ හා පුවත්පත් මෙන්ම වෙබ් මාධ්‍ය වෙදියකු වු හොරොව්පතාන පැතුම් දර්ශන අභාවප්‍රාප්ත වී ඇත.

කහටගස්දිගිලිය,හොරොව්පතාන,කැබිතිගොල්ලෑව ගලෙන්බිදුණුවැව ඇතුළු අනුරාධපුර දිස්තයේ ජනතාවගේ දැවන තොරතුරු වාර්තා කරමින් ජනතාවට සහ මාධ්‍යය ජිවිතතුලින් රටට ඉමහත් සේවයක් සිදු කරමින් කටයුතු කළ හොරොව්පොතාන පැතුම් දර්ශන මහතාට ඇති වු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් හොරොව්පොතාන ග්‍රාමිය රොහට ඇතුලත් කොට ඇත්තේ පසුගිය (16) දිනයි.පසුව (17)උදැසන වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන යමින් සිටියදී මොහු මියගොස් සිටි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මිය යන විට එම මහතා 38 වන වියේ පසුවු අතර වයස අවුරුදු 6 ක ඒක් දරු පියෙකි.

පැතුම් දර්ශන මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ සහන නිවේදකයකු ලෙස ද කටයුතු කල අතර 2019 වර්ෂයේ දී පැවැත්වු රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසද සම්මානය ද පාත්‍රවී විය.

මිය ගිය පැතුම් දර්ශන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (18) දින හොරොව්පතාන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති බව පවුලේ ඥාතින් පැවසුහ.

READ:   චීනයෙන් නව වාහන ආරක්ෂක රෙගුලාසි – අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා භෞතික බොත්තම් අනිවාර්යයි - China Mandates Physical Buttons for Key Vehicle Controls in New Safety Rules
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්