Thursday, May 14, 2026
Homeදේශීයබල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න! - සෞඛ්‍ය පරීක්ෂක සංගමය ඉල්ලයි

බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න! – සෞඛ්‍ය පරීක්ෂක සංගමය ඉල්ලයි

ඉදිරි දින වල දී ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ජලභීතිකා රෝගය නිසා සිදු වන මරණ සංඛ්‍යාව අඩුකරගැනීමට පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සාර්ථක එන්නත්කරණ වැඩසටහන් හේතු වූවත් එන්නත් වල පවතින හිඟයත් සුනඛන් එන්නත් කිරීමේ වැඩසටහන් අඩාල වීමත් නිසා මේ වන විට ජලභීතිකා රෝග ව්‍යාප්තියේ විශාල අවධානමක් පවතින බව එතුමා පෙන්වා දෙනවා.

වසරකට වරක් සුනඛයන් එන්නත් කර යුතුව ඇතත් කොවිඩ් වසන්තය, ඉන්ධන ගැටළු සහ එන්නත් හිඟතාවය නිසා සුනඛයන් එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූ බව එතුමා ප්‍රකාශ කළා.

සුනඛ සපාකැමක් නොවන ආකාරයට හැකිතාක් ප්‍රවේශම් වන ලෙසත් සැක සහිත සුනඛ සපා කෑමකදී රෝහල් ගතවී ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජලභීතිකා රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍යකරන එන්නත් කඩිනමින් ගෙන්වා දෙන ලෙස එතුමා බලධාරීන්ට මතක් කර සිටිනවා.

READ:   කොළඹට පැය 10ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්