Tuesday, August 25, 2026
HomeදේශීයOnline භාණ්ඩ විකුණන අයට ගැසට් එකක්

Online භාණ්ඩ විකුණන අයට ගැසට් එකක්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළඳාම් සිදුකරන අය ඒ සඳහා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

භාණ්ඩ විකිණීම සඳහා ප්‍රදර්ශනය, ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ ඇණවුම් භාරගැනීම ආදී සියලු කටයුතු සිදු කරන අය විසින් පාරිභෝගික අධිකාරියේ වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි විය යුතු බව නිවේදනයේ සඳහන් වෙනවා.

ලියාපදිංචි ලිපිනය පදනම් කරගත් ව්‍යාපාර නාම ලියාපදිංචි අංකය හෝ සමාගම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කර පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය හැකි බව දන්වා ඇත.

READ:   නව රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්