අැඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගයේදී අද(15) කැබ් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් බරපතළ රිය අනතුරක් සිදුව තිබෙනවා.
අැඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය කළ කැබ් රථයක් එක්වරම මාර්ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේදී රත්නපුර දෙස සිට පැමිණි වෑන් රථයක ගැටී තිබෙන බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් වෑන් රථය මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් ඇති බවයි.
එම අවස්ථාවේදී රත්නපුර දෙස සිට පැමිණි යතුරුපැදියක් ද එහි ගැටී තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ රියැදුරු, එහි ගමන් කළ පිරිසක් සහ යතුරුපැදිකරු ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල තබා තිබෙන බව පොලීසිය පවසනවා.
ඔවුන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් පසු කැබ් රථයේ රියැදුරු පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඔහු සොයා ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…