Tuesday, July 21, 2026
Homeදේශීයසිංහල අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර

සිංහල අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 2.59ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා

ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කිරීම මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි සඳුදා පුර්වභාග 6.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

:සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරයි.

READ:   වසර 54කට පසු මිනිසුන් චන්ද්‍රයාට ගමන්කරයි - නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රෑ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්