Monday, April 20, 2026
HomeදේශීයBREAKING NEWS - 16 හැවිරිදි සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා...

BREAKING NEWS – 16 හැවිරිදි සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අද පොලීසියට අවසර ලබා දුන්නා.

ඒ, එම සැකකරු අද(10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

29 හැවිරිදි එම සැකකරු ඊයේ(09) හික්කඩුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු කළුතර, ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කළුතර ලැඟුම්හලක් අසළ තිබී 16 හැවිරිදි සිසුවියගේ නිරුවත් සිරුර සොයා ගනු ලැබුවේ පසුගිය 07 වැනිදායි.

ඇය අත්අඩංගුවට ගත් සැකකරු සහ තවත් යුවළක් සමග එම ලැඟුම්හලට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් මත්පැන් පානය කර ඇති බවත් අදාළ යුවළ කළින් එම ලැඟුම්හලින් පිටව ගොස් ඇති බවත් හෙළිවිය.

පසුව ප්‍රධාන සැකකරු පලාගොස් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා

kalutara court
READ:   ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්