Friday, September 11, 2026
Homeදේශීයධාවනය වෙමින් තිබූ දුම්රියට පැන පුද්ගලයෙකු මරුට

ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන පුද්ගලයෙකු මරුට

කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වන කන්දඋඩ ගෙදර, උල්පත්වැවගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඊයේ (12) දහවල් ඔහු හිඟුරක්ගොඩ පොලිස් වසමේ කාන්ගේ ප්‍රදේශයේ දී ධාවනය වූ මඩකලපුව දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.

මරණය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නැහැ - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්