Thursday, September 10, 2026
Homeදේශීයඅවුරුදු හොඳට කන්න තෙල් වැඩිපුර ෂෙඩ්වල⁣ට..

අවුරුදු හොඳට කන්න තෙල් වැඩිපුර ෂෙඩ්වල⁣ට..

ඉදිරි දින කිහිපයේදී දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

උත්සව සමයේ පවතින ඉහළ ඉන්ධන ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගත් බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

කංචන විජේසේකර පවසන්නේ,
දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5,500ක් නිකුත් කරන බවයි.

මේ අතර පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ද සිය ට්විටර් සටහන මගින් අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පවසනවා.

READ:   කාසියේ වාසිය නෙදර්ලන්තයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්