Monday, June 8, 2026
Homeදේශීයවෛද්‍යවරියගේ ඉංජීනේරු සැමියාගේ මරණයට හේතුව හෙළිවෙයි

වෛද්‍යවරියගේ ඉංජීනේරු සැමියාගේ මරණයට හේතුව හෙළිවෙයි

මඩකලපුව රොහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා හදිසියේ සැකකටයුතු ලෙස මියයෑම පිළිබඳව පුවතක් පසුගියදා වාර්තා වුණා.

මෙලෙස මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචි වයස අවුරුදු 58 ක් වන පුද්ගලයෙකුයි.

පුද්ගලයා කහතුඩුව සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ගම්වාසින් විසින් ඔහුගේ සිරුර සෙයාගෙන තිබුණා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ඒ.දයාපාල මහතා විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ඇති අතර මියගිය පුද්ගලයා අධික ලෙස මත්පැනට ඇබ්බැහි වීමෙන් සිරෝසියස් රෝගය උත්සන්න වී මරණය සිදුව ඇතිබව අනාවරණ වුණා.

READ:   වෛද්‍යවරුන් සඳහා නිවාඩු නිකේතනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්