Thursday, June 4, 2026
Homeදේශීයඅද සිට QR පමණයි

අද සිට QR පමණයි

අද (01) දා සිට QR ඉන්ධන අවසරපත්‍රය අනුව පමණක් දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මෙතෙක් ඉන්ධන ලබා දීම සඳහා භාවිත කළ අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන සැපයීම, ටෝකන් ක්‍රමය ආදී.. සියලු ඉන්ධන ක්‍රමවේදයන් අත්හිටුවා ඇත.

තම වාහනයට අදාල QR කේතය පෙන්වා ඉන්ධන ලබා ගැනීමේ හැකියාව අද සිට ක්‍රියාත්මක අතර එහිදී වාහන පන්තිය අනුව වාහනයට සතියක් සඳහා නිකුත් කරණු ලබන ඉන්ධන ප්‍රමාණය පමණක් නිකුත් කරණු ලබයි. එම ඉන්ධන ප්‍රමාණය ලබාගැනීම සඳහා සතියක කාලයක් වලංගු වන අතර සතියක් තුළ කැමති දිනයක දී ඉන්ධන හළ වෙත පැමිණ තමන්ගේ ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකි වෙයි.

ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන වාහන හිමියන් රට තුළ උත්ගතව ඇති නව කොවිඩ් – 19 හේතුවෙන් මුහුණු ආවරණ පැළඳ පැමිණෙන ලෙස ඛණිජ තෙල් බෙදාහරින්නන් ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   සංගක්කාරට ඉහළ පුටුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්