දේශීය

ජිප් රථ අනතුරින් මිය ගිය දුෂ්මන්ත ගැන තොරතුරු රැසක් හෙළිවේ

ඊයේ (08) උදෑසන ජීප් රථයක් අනතුරකට ලක්වීමෙන් මාතලේ ප්‍රදේශයේදී 19 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබුණා.

මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

අනතුර සිදු වන විට ජිප් රථයේ පුද්ගලයින් 10 දෙනකු ගමන් කර ඇති අතර අනතුරින් මාතලේ තොටගමුව ප්‍රදේශයේ පදිංචි දුෂ්මන්ත සිතුම් විජේසේකර නැමති තරුණයා ජීවිතක්ෂයට පත් වුණා.

2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි දුෂ්මන්ත, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 2021 , 2022 පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර එමෙන්ම ඔහු වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයද නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බව වාර්තා වෙනවා.

මාතලේ පලාපත්වල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේ නැවත එමින් සිටියදී අනතුරකට ලක් වී මිය ගිය දුෂ්මන්ත, පවුලේ එකම දරුවා වන බව සඳහන් වෙනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago