දේශීය

88/89 වගේ ලංගම විනාශ කරන්න අපි ඉඩ තියන් නැහැ – ප්‍රවාහන ඇමති

ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සියලු දෙනාගේම කැපවීම අවශ්‍ය බවත් ලංගම සතු දේපළ සහ සේවකයින් විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර ඩිපෝව වෙත නව බස් රථ 26 ක් ලබා දීම වෙනුවෙන් අද (09) පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

75 වන නිදහස් සැමරුමට සමගාමිව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන බස් රථ 500ක් අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට පොදු ප්‍රවාහනයට එක් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අතීතයේ විවිධ ආකාරයේ වර්ජන, තර්ජන ආදී විවිධ ක්‍රියාමාර්ග නිසා ලංගම සතු දේපළ සහ සේවකයින් විශාල වශයෙන් විනාශ වූවද නැවත එවැනි තත්වයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

88/89 ප්‍රචණ්ඩකාරී කාලය තුළ ලංගම සතු දේපොළ විශාල ප්‍රමාණයක් මෙන්ම සේවකයින් විශාල පිරිසකගේ ජීවිත පවා අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

වර්තමානය තුළ එවැනි ක්‍රියාවන්ට කිසිසේත්ම අප ඉඩ ලබාදෙන්නේ නෑ.නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා. අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පොදු ප්‍රවාහන සේවය අඩපණ කිරීමට නීති විරෝධී වර්ජන, උද්ඝෝෂණ වැනි කටයුතු වලටසහය නොදෙන ලෙස සියලු කාර්ය මණ්ඩල වලින් ඉල්ලා සිටිනවා.

2025 වසර වන විට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහාමුදල් අමාත්‍යංශ සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එම ඉලක්කයට ළඟා වීම සඳහා විශේෂයෙන් ම රියදුරන්,කොන්දොස්තරවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වංචා වලට,අක්‍රමිකතා වලට දායක නොවී අවංකව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago