දේශීය

88/89 වගේ ලංගම විනාශ කරන්න අපි ඉඩ තියන් නැහැ – ප්‍රවාහන ඇමති

ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සියලු දෙනාගේම කැපවීම අවශ්‍ය බවත් ලංගම සතු දේපළ සහ සේවකයින් විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර ඩිපෝව වෙත නව බස් රථ 26 ක් ලබා දීම වෙනුවෙන් අද (09) පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

75 වන නිදහස් සැමරුමට සමගාමිව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන බස් රථ 500ක් අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට පොදු ප්‍රවාහනයට එක් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අතීතයේ විවිධ ආකාරයේ වර්ජන, තර්ජන ආදී විවිධ ක්‍රියාමාර්ග නිසා ලංගම සතු දේපළ සහ සේවකයින් විශාල වශයෙන් විනාශ වූවද නැවත එවැනි තත්වයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

88/89 ප්‍රචණ්ඩකාරී කාලය තුළ ලංගම සතු දේපොළ විශාල ප්‍රමාණයක් මෙන්ම සේවකයින් විශාල පිරිසකගේ ජීවිත පවා අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

වර්තමානය තුළ එවැනි ක්‍රියාවන්ට කිසිසේත්ම අප ඉඩ ලබාදෙන්නේ නෑ.නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා. අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පොදු ප්‍රවාහන සේවය අඩපණ කිරීමට නීති විරෝධී වර්ජන, උද්ඝෝෂණ වැනි කටයුතු වලටසහය නොදෙන ලෙස සියලු කාර්ය මණ්ඩල වලින් ඉල්ලා සිටිනවා.

2025 වසර වන විට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහාමුදල් අමාත්‍යංශ සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එම ඉලක්කයට ළඟා වීම සඳහා විශේෂයෙන් ම රියදුරන්,කොන්දොස්තරවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වංචා වලට,අක්‍රමිකතා වලට දායක නොවී අවංකව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

8 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

9 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago