අද (07) දහවල් තන්තිරිමලේ වැව් බැම්ම මතදී බස්රථයක් මඩු වන්දනාවේ යමින් සිටි තිරික්කල් පෙළක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථයේ ගැටීමෙන් තිරික්කල් පදවමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හා තවත් පිරිමි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තන්තිරිමලේ රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට යොමු කර ඇත.
අනතුරින් තිරිකල් සමඟ ඇඳන ලද ගවයන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර බස් රථ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.






