පෙරපාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයක් සඳහා සහභාගි වීමට යමින් සිටි පෙරපාසල් ගුරුවරියක් ගෙළ කපා ඝාතනය කර ඇති බව පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අද (07) පෙරවරුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන තරුණියකි.
ගුරුවරිය නිවසේ සිට පෙර පාසලට යන අතර තුර දුරකථනයෙන් කිසිවෙකු සමඟ කතා කරමින් ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසියම් පුද්ගලයෙකුගේ විසින්ඇයගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර තමන්ව බේරා ගන්නා ලෙස පවසා ඇය මිටර් 100ක පමණ දුරින් පිහිටි සිය නැන්දාගේ නිවස දක්වා දිවගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඇයගේ ඥාතීන් පවසන්නේ ඇයගේ මාලය කඩා ගැනීමට පැමිණි කොල්ලකරුවෙකු මෙම ඝාතනය සිදු කර පලාගොස් ඇති බවය.
මෙය ප්‍රේම සම්බන්ධතාවක් මුල් කර ගෙන සිදුවූ ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය සැක පළ කරන අතර ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
වැඩි දුර විස්තර සහිත විඩියෝව පහතින්,


