කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීම තහනම් කරන අතුරු තහනම් නියෝගයක් නුගේගොඩ දිසා අධිකරණය විසින් අද (04) නිකුත් කළේය.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් දෙදෙනො විසින් ගොනු කළ පෙත්සම සැලකිල්ලට ගත් දිසා අධිකරණය ලබන 18 වැනිදා දක්වා කිසිදු විනය පියවරක් නොගන්නා ලෙසට වන අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබිය. මෙහි පළමු වග උත්තරකරු වන සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට, දෙවැනි වගඋත්තරකරු වන විනය කමිටු සභාපතිවරයා සහ තුන්වැනි වග උත්තරකරු වන පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කොළඹ දිසා අධිකරණයේ විභාගයට ගනු ලබන ඩී.එස්.පී. 74/20 අංක දරණ නඩු විභාගයේදී දිවුරුම් පෙත්සමක් නිකුත් කරමින් තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් බව පවසා ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දිසා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාරගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තවදුරටත් වලංගුව පවතින බවද, සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 3.3 වගන්තිය අනුව රංජිත් මද්දුමබණ්ඩාරගේ, සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය වලංගු නොවන බවද නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ නුගේගොඩ දිසා අධිකරණය ලබන 18 වැනිදා දක්වා පෙත්සම්කරුවන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා වන ලෙසට වන අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ රෙෂාන් ගමගේ මහතාගේ උපදෙස් මත නීතීඥ චන්දිමාල් මෙන්ඩිස්, සමින්ද ජයසේකර මහතා සමඟ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…