පැල්මඬුල්ල බුලත්වැල්ගොඩ නිවෙසක අබිරහස් ලෙස මිය ගොස් සිටි නීතිඥවරියකගේ මරණය සම්බන්ධයෙන් පැල්මඬුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැල්මඬුල්ල සහ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණවල නීතිඥවරියක ලෙස කටයුතු කළ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇයගේ නිඳන කාමරයේ ඇඳ මත ඊයේ (31) උදෑසන තිබූ බව පැල්මඬුල්ල පොලිසිය පවසයි. නීතිඥවරියගේ සැමියා පෙරේදා (30) රාත්‍රි සිට නිවෙසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් දී ඇති අතර, මේ නිවෙසට පැමිණ උදයේ සිට පස්වරුව තෙක් සේවය කරන මෙහෙකාර කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ගෙන ඇත. නිවෙසේ බඩුමුට්ටු කිහිපයක් විසිරි තිබූ බව ඇය පොලිසියට පවසා තිබේ.
පැල්මඬුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර, එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් දුන්නාය. මේ මරණය සැක සහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඬුල්ල පොලිසියට දැනුම් දී ඇත. එම පවුලේ අයකුට මියගිය නීතිඥවරිය විසින් පෙරේදා රාත්‍රියේ යොමු කළ කෙටි පණිවිඩයක් කෙරෙහිද පොලිසියේ අවධානය යොමු වී ඇති අතර, ඇයට සිදු වූ පහර දීමක් ගැන තොරතුරු එහි සඳහන් බව පොලිසිය පවසයි. නීතිඥවරියගේ සිරුර ඊයේ (31) දහවල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා කහවත්ත මූලික රෝහලට රැගෙන එනු ලැබූ අතර, එහිදී ලැබෙන නිගමනය අනුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පැල්මඬුල්ල පොලිසිය පවසයි. පැල්මඬුල්ල පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.
කහවත්ත – ලසන්ත නිරෝෂණ
:උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…