Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ආයතනයක්

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ආයතනයක්

මෙරට ඉතිහාසය වෙනුවෙන් ඉතිහාසය පිළිබඳ ආයතනයක්, ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එතුමා අද (29) පාර්ලිමේන්තුව අමතමින් ඒ බව ප්‍රකාශ කළා.

මෙරට ඉතිහාසය අද වන විට අමතකව යන බවත් එ නිසා මෙරට ඉතිහාසය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීම, ඉතිහාසය පිළිබඳව පරීක්ෂණ හා අධ්‍යයන කටයුතු සිදුකිරීමට, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ආයතනයක් පිහිටුවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා පැවසුවා.

ශ්‍රී ලංකාව ගැන මහාවංශයේ තොරතුරු සහ ඊට වෙනස් ඉතිහාස තොරතුරු ගැන ද සොයා බැලීම සඳහා මේම ආයතනය ඇති කර පවත්වා ගෙන යෑමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   අවයව බද්ධ කළා කියන සිදුවීම ගැන සෙවීමට සත් පුද්ගල කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්