කේබල් කාරය තුළ සිරව සිටින පිරිසට ජලය සහ ආහාර සැපයීමට මුදාගැනීමේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
කොමාන්ඩෝ භටයෙක් අනතුරුට ලක්ව ඇති පිරිස වෙත ලඟා වීමට දෙවරක් උත්සහ දැරියද අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක වී තිබෙනවා.
පිරිස අතර සිටින එක් සිසුවෙකු හෘද රෝගීයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.
පාකිස්තානයේ වේලාවෙන් අද උදෑසන 07ට පමණ කේබල් රථයක් මගින් පාසල් යමින් සිටි සිසුන් පිරිසක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු කේබල් රථය සිරවීමෙන් අනතුරකට ලක් වුණා.
පොළොවේ සිට අඩි 1,200ක් පමණ ඉහළ අහසේ මෙම රථය තනි කම්බියක් ආධාරයෙන් එල්ලෙමින් පවතිනවා.
පවතින අධික සුළඟ සහිත කාලගුණය හේතුවෙන් අනතුරට පත් පිරිස මුදා ගැනීම තවදුරටත් අවධානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.


