Saturday, April 18, 2026
Homeදේශීයධර්මය පිළිනොපදින භික්ෂූන් නිසා ශාසනය පිරිහිලා - ජනපති

ධර්මය පිළිනොපදින භික්ෂූන් නිසා ශාසනය පිරිහිලා – ජනපති

භික්ෂුන් වහන්සේලා ධර්මය පිළිනොපැදීම නිසා බෞද්ධ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් ඇති වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලා පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳ අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

භික්ෂුන් වහන්සේ නමක් සිව්ර දරාගත් පමණින් ශාසනය හා ධර්මය රකිනවා යැයි කිව නොහොකි බවත් එදා බුදුන් දවස අංගුලිමාල තෙරුන් වහන්සේ ද සිවුර දරා සිටියදී ශාසනයට විරුද්ධව කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවසුවා.

තෛයිනිකායික භික්ෂූන් වහන්සේලා සමඟ කතිකාවතක් ඇති කරගනිමින් නව පනත් කෙටුම්පතට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

වර්තමානයේ විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා මහානායක හිමිවරුන්ට පවා විරුද්ධව ප්‍රකාශයන් සිදු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

විශ්වවිද්‍යාලයට ඇතුළු වන සමහර භික්ෂුන් වහන්සේලා උපාධිය ලබා ගන්නා විට භික්ෂුත්වය අතහැර උපාධිය ලබා ගැනීම ද ගැටළුවක් බව ජනාධිපතිවරයා පැවසුවා. මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා යම් පාලනයක් ඇති කළ යුතු බවත් ඊට නව පනත් කෙටුම්පත ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   පෝෂණය වෙනුවෙන් ආගමික ස්ථානවල ආහාර බැංකු පිහිටුවීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්