Friday, April 17, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (30) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම තරඟයෙන් කඩුලු 04 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 08 ක් දැවී ලකුණු 313 ක් රැස්කළා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් IBRAHIM ZADRAN නොදැවී ලකුණු 162 ක් සහ NAJIBULLAH ZADRAN ලකුණු 77 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 03ක් සහ වනිඳු හසරංග කඩුලු 02 ක් වශයෙන් ලබාගත්තා.

ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී තරඟයේ අවසන් පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය පසුකර ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 67 ක් , දසුන් ශානක ලකුණු 43 ක් ලබාගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා ගෙන ගිය චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී පළිවලින් ලකුණු 83 ක් සහ 31 ක් ලබාගත්තා.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත වූ ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා තරඟාවලිය 1ට එකක් ලෙස සම සමව නිමා වුණා.

READ:   සිගිරි පියගැට පෙළ නවීකරණයට රුපියල් කෝටි 4 ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්