Thursday, April 23, 2026
Homeදේශීයඅබිරහස් ලෙස මිය ගිය පැල්මඩුල්ලේ නීතිඥවරිය, මියයෑමට පෙර සිදුවූ පහරදීම ගැන මැසේජ්...

අබිරහස් ලෙස මිය ගිය පැල්මඩුල්ලේ නීතිඥවරිය, මියයෑමට පෙර සිදුවූ පහරදීම ගැන මැසේජ් එකක් නෑයෙකුට යවලා

  • තමාට වූ පහර දීමක් ගැන මියයන්න පෙර නෑයකුට SMS කරලා
  • පෙරදා රැයේ සිට තමන් ගෙදර නොසිටි බවට සැමියාගෙන් පොලිසියට ප්‍රකාශයක්

පැල්මඬුල්ල බුලත්වැල්ගොඩ නිවෙසක අබිරහස් ලෙස මිය ගොස් සිටි නීතිඥවරියකගේ මරණය සම්බන්ධයෙන් පැල්මඬුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පැල්මඬුල්ල සහ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණවල නීතිඥවරියක ලෙස කටයුතු කළ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇයගේ නිඳන කාමරයේ ඇඳ මත ඊයේ (31) උදෑසන තිබූ බව පැල්මඬුල්ල පොලිසිය පවසයි. නීතිඥවරියගේ සැමියා පෙරේදා (30) රාත්‍රි සිට නිවෙසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් දී ඇති අතර, මේ නිවෙසට පැමිණ උදයේ සිට පස්වරුව තෙක් සේවය කරන මෙහෙකාර කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ගෙන ඇත. නිවෙසේ බඩුමුට්ටු කිහිපයක් විසිරි තිබූ බව ඇය පොලිසියට පවසා තිබේ.

පැල්මඬුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර, එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් දුන්නාය. මේ මරණය සැක සහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඬුල්ල පොලිසියට දැනුම් දී ඇත. එම පවුලේ අයකුට මියගිය නීතිඥවරිය විසින් පෙරේදා රාත්‍රියේ යොමු කළ කෙටි පණිවිඩයක් කෙරෙහිද පොලිසියේ අවධානය යොමු වී ඇති අතර, ඇයට සිදු වූ පහර දීමක් ගැන තොරතුරු එහි සඳහන් බව පොලිසිය පවසයි. නීතිඥවරියගේ සිරුර ඊයේ (31) දහවල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා කහවත්ත මූලික රෝහලට රැගෙන එනු ලැබූ අතර, එහිදී ලැබෙන නිගමනය අනුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පැල්මඬුල්ල පොලිසිය පවසයි. පැල්මඬුල්ල පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

කහවත්ත – ලසන්ත නිරෝෂණ

:උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

READ:   භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්