Thursday, July 23, 2026
Homeදේශීයමිතුරා සමඟ එක්ව පියා ඝාතනය කළ පුතුන් පොලිසියට කොටුවෙයි

මිතුරා සමඟ එක්ව පියා ඝාතනය කළ පුතුන් පොලිසියට කොටුවෙයි

පුතුන් දෙදෙනා මිතුරෙකු සමඟ එක්ව තම පියා ඝාතනය කළ පුවතක් යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මොවුන් තිදෙනා සැකපිට ඊයේ (31) කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාකනයට ලක් වූ 43 හැවරිදි පියාගේ මරණය සම්බන්ධයෙන් 19 හැවරිදි වැඩිමහල් පුත්‍රයා සහ 17 හැවරිදි බාල පුත්‍රයාත් සහ 19 හැවරිදි තවත් පුද්ගලයෙක් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

තම පියාගේ ඝාතනය සිදු වීමෙන් පසු වැඩිමහල් පුත්‍රයා සහ ඔහුගේ මිතුරා තුවාල සහිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති අතර එහිදි ඔවුන් පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ තම පියා ඝාතනය කර පළා ගිය බවයි. තම පියා බේරාගැනීමට ගත් උත්සහයේදී එම පිරිස ඔවුන්ට ද පහරදුන් බව එහිදී ඔවුන් පොලිසිය වෙත පවසා තිබුණා.

කෙසේවෙතත් මිය ගිය පුද්ගලයා වසර දෙකක පමණ සිට සිය බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්ව කාලය ගත කර ඇති බව පසුව අනාවරණය වී තිබේ.

පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිව පියා ඝාතනය කල බව බාල පුත්‍රයා පොලීසියට පවසා තිබෙනවා.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

READ:   මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්