දේශීය

පොහොර ලියුම හොරට නොදුන්න නිසා සජබ අපේක්ෂයා – නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා

  • තංගල්ලේ කෘෂි නිලධාරිනිය ඝාතනය
  • ඝාතකයා සජබ අපේක්ෂකයෙක්
  • වැටුනට පස්සෙත් දුවගේ බෙල්ල දෙපැත්තටම ඇනගෙන ගියා
  • නූලෙන් බේරුණු නැන්දම්මා පොලිසියට කියයි

“දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ඩැනී බේබි ඉදගෙන හිටියා එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ලගටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා පස්සේ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා.

දුව ලේ පෙරාගෙන බිම වැටුනා ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල ඔලුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා“ යැයි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වන දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව මිලෙච්ඡ ලෙස ඝාතනය කළ අයුරු ඇසින් දුටු අගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී මහත්මිය පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා සිටියාය.

හම්බන්තොට රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදුන්නේ යැයි මැයගේ ගෙලට පිහියකින් ඇන මෙසේ මරාදමා ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් (41) නොහොත් ඩැනී බේබි නමැත්තාවය.

සැකකරු තංගල්ල පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවර කාර්මිකයෙක් වන ඔහු පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස (30) මහත්මිය හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. රෝහල් සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය ඩැනී බේබි නමැති සැකකරුට පවසා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා පෙරේදා (26) රාත්‍රී කාලයේ දී ඇය පදිංචිව සිටින නෙටොල්පිටිය වැලි ආරේ නිවසටද අවස්ථා දෙකක දී ගොස් පොහොර ලබාගැනීමට ලිපිය ඉල්ලා ඇති බව ද පොලිසිය කියයි. එහි දී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසය.

ඊයේ (27) උදෑසන කෘෂිකර්ම පර්යෝෂණ නිෂ්පාදක සහකාරවරිය සිය නැන්දම්මා සමඟ පාගමිනින් කාර්යාලය බලා යමින් සිටිය දී මඟ රැක සිටි ඩැනී බේබි නමැති සැකකරු ඇගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි. පිහි ඇනුම් කා බිම ඇද වැටී වේදනාවෙන් දඟලමින් සිටි ඇගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බව ද පොලිසිය කියයි.

ගෙල කැපී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි මෙම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඩැනී බේබි නමැත්තා ලේ බේරෙන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලිසිය කියයි.

මෙසේ ඇයව ඔහු මරා දමා ඇත්තේ ඇය පදිංචිව සිටි නවසේ සිට මීටර් 150ක් පමණ දුරකිනි. ඇයව මරා දමා ඇත්තේද සැකකරු පදිංචි නිවස ඉදිරිපිට මාර්ගයේ දී බව පොලිසිය කියයි.

ලේ බේරෙන පිහියද අතේ තබාගෙන සිටි මෙම සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරි සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ඇනීමට තැත්කර ඇත. මේ අතර තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී විශාල පිරිසක් රැස්වී සිටිනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත. එහි දී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියාගේද සහාය ඇතිව ඩැනී බේබි නමැති සැකකරුව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව පාලනයකර අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අද (28) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල මහේස්ත්‍රාත්වරයාද ඊයේ මෙම අපරාධය සිදුවූ ස්ථානය නිරීක්ෂණය කර තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ, සූරියවැව – නුවන් ජයසේකර

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago