දේශීය

පොහොර ලියුම හොරට නොදුන්න නිසා සජබ අපේක්ෂයා – නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා

  • තංගල්ලේ කෘෂි නිලධාරිනිය ඝාතනය
  • ඝාතකයා සජබ අපේක්ෂකයෙක්
  • වැටුනට පස්සෙත් දුවගේ බෙල්ල දෙපැත්තටම ඇනගෙන ගියා
  • නූලෙන් බේරුණු නැන්දම්මා පොලිසියට කියයි

“දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ඩැනී බේබි ඉදගෙන හිටියා එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ලගටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා පස්සේ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා.

දුව ලේ පෙරාගෙන බිම වැටුනා ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල ඔලුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා“ යැයි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වන දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව මිලෙච්ඡ ලෙස ඝාතනය කළ අයුරු ඇසින් දුටු අගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී මහත්මිය පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා සිටියාය.

හම්බන්තොට රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදුන්නේ යැයි මැයගේ ගෙලට පිහියකින් ඇන මෙසේ මරාදමා ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් (41) නොහොත් ඩැනී බේබි නමැත්තාවය.

සැකකරු තංගල්ල පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවර කාර්මිකයෙක් වන ඔහු පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස (30) මහත්මිය හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. රෝහල් සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය ඩැනී බේබි නමැති සැකකරුට පවසා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා පෙරේදා (26) රාත්‍රී කාලයේ දී ඇය පදිංචිව සිටින නෙටොල්පිටිය වැලි ආරේ නිවසටද අවස්ථා දෙකක දී ගොස් පොහොර ලබාගැනීමට ලිපිය ඉල්ලා ඇති බව ද පොලිසිය කියයි. එහි දී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසය.

ඊයේ (27) උදෑසන කෘෂිකර්ම පර්යෝෂණ නිෂ්පාදක සහකාරවරිය සිය නැන්දම්මා සමඟ පාගමිනින් කාර්යාලය බලා යමින් සිටිය දී මඟ රැක සිටි ඩැනී බේබි නමැති සැකකරු ඇගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි. පිහි ඇනුම් කා බිම ඇද වැටී වේදනාවෙන් දඟලමින් සිටි ඇගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බව ද පොලිසිය කියයි.

ගෙල කැපී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි මෙම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඩැනී බේබි නමැත්තා ලේ බේරෙන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලිසිය කියයි.

මෙසේ ඇයව ඔහු මරා දමා ඇත්තේ ඇය පදිංචිව සිටි නවසේ සිට මීටර් 150ක් පමණ දුරකිනි. ඇයව මරා දමා ඇත්තේද සැකකරු පදිංචි නිවස ඉදිරිපිට මාර්ගයේ දී බව පොලිසිය කියයි.

ලේ බේරෙන පිහියද අතේ තබාගෙන සිටි මෙම සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරි සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ඇනීමට තැත්කර ඇත. මේ අතර තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී විශාල පිරිසක් රැස්වී සිටිනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත. එහි දී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියාගේද සහාය ඇතිව ඩැනී බේබි නමැති සැකකරුව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව පාලනයකර අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අද (28) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල මහේස්ත්‍රාත්වරයාද ඊයේ මෙම අපරාධය සිදුවූ ස්ථානය නිරීක්ෂණය කර තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ, සූරියවැව – නුවන් ජයසේකර

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

2 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

2 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

2 days ago

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත්…

2 days ago

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

2 days ago

වසර 90ක් සපිරූ සිලෝන් මුවර් කාන්තා සංගමයට අගමැතිගෙන් උපහාර – මුස්ලිම් කාන්තාවන්ගේ උරුමය ජාතික ඉතිහාසයට එක් කළ යුතු බව අවධාරණය

කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…

3 days ago