Friday, July 24, 2026
Homeදේශීයස්ථාවර ප්‍රතිසංස්කරණවලට ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැටලුවක් නෙවෙයි - අලි සබ්රි

ස්ථාවර ප්‍රතිසංස්කරණවලට ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැටලුවක් නෙවෙයි – අලි සබ්රි

මෙරට ප්‍රතිසංස්කරණ ස්ථාවර සහ තිරසාර නම් ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැටළුවක් නොවන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තමන් පසුගියදා සිදුකළ චීන සංචාරය අවස්ථාවේ චයිනා හාබර් සමාගමේ නියෝජිතයින් කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදු කිරීමට සුදානම් බව තහවුරු කළ බව ඒ මහතා පවසනවා.

මේ අතර සයිනොපැක් සමාගම ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

READ:   ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්