Thursday, July 30, 2026
Homeදේශීයමෝටර් රථයකකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථයකකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චි, උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පෙරේදා (28) අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 38ක් වූ කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් ගනේෂපුරම් ප්‍රදේශයේ දී කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය හා අපරාධයට යොදා ගත් බෙහෙත් කොටන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 22 හා 24 වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.

ඔවුන් අද (30) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   දකුණු කොරියාවට කාලගුණය බලපෑම් කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්