ෆේස්බුක් සම නිර්මාතෘවරයා වන ‘ මෙටා ‘ ජාලයේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය අලුත උපන් දියණියගේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
“ලෝකයට සාදරයෙන් ඔයා පිළිගන්නවා. ඔයා මට ආශිර්වාදයක් ” යනුවෙන් ඔහු එම ඡායාරූපය සඳහා සටහනක් තබා තිබුණා.
මාර්ක් සකර්බර්ග් ප්‍රිසිලා චැං සමඟ 2012 වසරේ දී විවාහයට පත් වූ අතර පසුගියදා ඔවුන්ට ලැබුණු දරුවා සකර්බර්ග් පවුලට එකතු වූ තුන්වන ගැහැණු දරුවා වනවා.
අලුත උපන් දියණියට “ඔරේලියා චැං සකර්බර්ග්’ යනුවෙන් නම් තබා තිබෙනවා.




