Thursday, July 30, 2026
Homeක්‍රීඩානවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්

නවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෆින් ඇලන් ලකුණු 51 සහ ඩැරල් මිචෙල් ලකුණු 47 ක් වශයෙන් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් අද එක්දින වරම් ලබාගත් ඉන්දියානු සම්භවයක් ඇති රචින් රවින්ද්‍ර ලකුණු 49ක් රැක් කිරීම කැපී පෙණුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 04 ක් ලකුණු 43 කට බිඳහෙළමින් සිය එක්දින තරඟ දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර දෙකක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 12 ක් ලබා ගෙන සිටිනවා.

READ:   සිංහල බෞද්ධ ආණ්ඩුව අන්න ශ්‍රීපාදස්ථානයේ කරන්ටෙක කපන්න යනවා - එස්.එම්. මරික්කාර්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්