Friday, July 17, 2026
Homeදේශීයදිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු අඟවයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අධියර 02 යටතේ අවධානාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට , විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අධියර 01 යටතේ අවධානාත්මක නිවේදන නිකුත් කර තිබේ.

හෙට (21) පස්වරු 8.30 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මකයි.

READ:   හෝමාගම කාර්මාන්ත පුරයේ හදිසි ගින්න ගැන අනාවරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්