Friday, June 5, 2026
Homeක්‍රීඩාඇමරිකාවේ රෙඩ්ලන්ඩ් ක්‍රීඩා උළෙලේ - දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ රෙඩ්ලන්ඩ් ක්‍රීඩා උළෙලේ – දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ පැවති රෙඩ්ලන්ඩ් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ධනුෂ්ක සඳරුවන් ක්‍රීඩකයා සමත්ව තිබෙනවා.

එම ඉසව්වේ ධනුෂ්ක සඳරුවන් දක්වා ඇති දක්ශතාවය මීටර් 7.84ක් වෙනවා. එම දක්ශතාවය මෙවර එළිමහන් තරඟ වාරයේ ලොව හොඳම පැනීම් කිහිපය අතරට ද එක්ව තිබීම විශේෂත්වයක්.

පිරිමි දුර පැනීමේ ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ලොව තරඟකරුවන් 30කට අධික සංඛ්‍යාවක් අභිබවමින් ධනුෂ්ක මෙම දක්ශතාවය දක්වා තිබුණා.

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකු වන ධනුෂ්ක සඳරුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීයකු වෙනවා.

READ:   BREAKING: අලුත්කඩේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්