අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
රට තුල උද්ගතව තිබූ දැඩි ආර්ථික දේශපාලන හා සාමාජීය අස්ථාවරත්වය යම් පමණකට හෝ සමනය වී තිබුණත් වර්තමානය වන විට ක්‍රියාත්මක අධික විදුලි ගාස්තු, ජල ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ දැරිය නොහැකි මිල ඉහළයෑම් නිසා ජනජීවිතය අඩාල වී, ඇතිව ඇති සමාජ පීඩනය ගැන ජනාධිපතිවරයා මනා අවබෝධයකින් පසුවෙනු ඇතැයි අපේක්ෂා කරන බව එහි දැක්වෙනවා.
ඒ හේතුවෙන් ජනතාහිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බව ලිපියේ සඳහන් වෙනවා.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් ඇතිවීමට හේතුවී ඇති බවත් පක්ෂ දේශපාලන න්‍යාය ඉවතලා ජාතික ප්‍රතිපත්තියක් මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මහනායක හිමිවරුන් පෙන්වාදී තිබේ.
සම්පූර්ණ ලිපිය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…