ඡන්දය කල් දැමීමට එරෙහිව ලිප්ටන් වටරවුමේ දී ජාතික ජන බලවේගය වසින් ඊයේ (26) පැවැත් වූ විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දැක තිබෙනවා.
කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුතු බව එතුමා පවසනවා.
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් බොහෝදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවත් මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය මින් පැහැදිලි වන බවත් එතුමා පෙන්වා දෙනවා.
සාමන්‍ය ජනතාව නිහඬව පසෙකට වී සිටිය යුතු බව මෙවැනි ප්‍රහාර තුලින් අණ්ඩුව අවධාරණය කර සිටින බව විපක්ෂ නායකවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ” විරෝධය කොළඹට” මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) කොළඹ ලිප්ටන් වටරවුමේ දී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා. විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කල කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයෙන් තුවාළ ලැබූ පුද්ගලයන් 26 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරණු ලැබුවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…