ඡන්දය කල් දැමීමට එරෙහිව ලිප්ටන් වටරවුමේ දී ජාතික ජන බලවේගය වසින් ඊයේ (26) පැවැත් වූ විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දැක තිබෙනවා.
කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුතු බව එතුමා පවසනවා.
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් බොහෝදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවත් මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය මින් පැහැදිලි වන බවත් එතුමා පෙන්වා දෙනවා.
සාමන්‍ය ජනතාව නිහඬව පසෙකට වී සිටිය යුතු බව මෙවැනි ප්‍රහාර තුලින් අණ්ඩුව අවධාරණය කර සිටින බව විපක්ෂ නායකවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ” විරෝධය කොළඹට” මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) කොළඹ ලිප්ටන් වටරවුමේ දී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා. විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කල කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයෙන් තුවාළ ලැබූ පුද්ගලයන් 26 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරණු ලැබුවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…