රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ දීර්ඝ කාලීනව පවතින ගැටලුවක් වන අලි තර්ජනයට විසඳුමක් ලෙස කිලෝ මීටර් 54ක් පමණ දිගින් යුතු අලි වැටක් ඉදිකිරිමට කටයුතු කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අලි නිසා ජනතාවගේ ජිවිත හානි හා වගා හානි පිළිබඳව පැවති සාකච්ඡාවකට එක් වෙමින් අනතුරුවයි.
මෙම අලිවැට මෙම මැතිවරණ කොට්ධාස දෙක හරහා ඉදි කිරිමට නියමිතයි. රක්වාන මැතිවරණ කොට්ඨාසයේ පැවති අලි වැටට අමතරව තව කිලෝ මීටර් 08 ක අලි වැටක් ද ඉදි කිරිමට නියමිතයි.
මාස 03ක් වැනි අඩු කාලයකින් මෙම වැට ඉදිකර අවසන් කිරිමට නිලධාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.
– වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…