Tuesday, July 21, 2026
Homeදේශීයබලංගොඩට සහ රක්වානට අලි වැටක්

බලංගොඩට සහ රක්වානට අලි වැටක්

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ දීර්ඝ කාලීනව පවතින ගැටලුවක් වන අලි තර්ජනයට විසඳුමක් ලෙස කිලෝ මීටර් 54ක් පමණ දිගින් යුතු අලි වැටක් ඉදිකිරිමට කටයුතු කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අලි නිසා ජනතාවගේ ජිවිත හානි හා වගා හානි පිළිබඳව පැවති සාකච්ඡාවකට එක් වෙමින් අනතුරුවයි.

මෙම අලිවැට මෙම මැතිවරණ කොට්ධාස දෙක හරහා ඉදි කිරිමට නියමිතයි. රක්වාන මැතිවරණ කොට්ඨාසයේ පැවති අලි වැටට අමතරව තව කිලෝ මීටර් 08 ක අලි වැටක් ද ඉදි කිරිමට නියමිතයි.

මාස 03ක් වැනි අඩු කාලයකින් මෙම වැට ඉදිකර අවසන් කිරිමට නිලධාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.

– වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය

READ:   ⚠️ ඔබට හොරෙන් ඔබේ ජංගම දුරකතනයෙන් ඔත්තු බලන පෙගසස් (Pegasus)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්