Tuesday, July 28, 2026
Homeදේශීයමේ පාර මාලිමාවට ඡන්ද වැඩියි! - සජබ හිටපු පා.ම මුජුබර් රහුමාන් (VIDEO)

මේ පාර මාලිමාවට ඡන්ද වැඩියි! – සජබ හිටපු පා.ම මුජුබර් රහුමාන් (VIDEO)

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාලිමාවට ලැබෙන ඡන්දය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.

එදා පොහොට්ටුවට, පොදු ජන පෙරමුණට ලබා දුන් ඡන්දය, බොහෝ පිරිසක් මෙවර මැතිවරණයේදී මාලිමාවට ලබා දිය හැකි බව එතුමා පැවසුවා. එ නිසා මෙවර මැතිවරණයේදී මාලිමාවට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි වුවද, ප්‍රධාන විපක්ෂය හැටියට මැතිවරණයේ දී සමගි ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා බව එතුමා අවධාරණය කර සිටියා.

කෙසේවෙතත් ආණ්ඩුව පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳව හරි හැටි විශ්වාස තැබිය නොහැකි බව මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළා.

කොළඹ නගර සභාවට තරඟ වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවක දී එතුමා මේ බව පවසා සිටියා.

එම විඩියෝව පහතින්,

READ:   සරසවි පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්