විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ආරම්භ කරනමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (10) කේප්ටවුන්හි පැවැති තරඟයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි පන්දු 34 කින් ලකුණු 35 ක්, නායක චමරි අතපත්තු පන්දු 50 කින් අගනා ලකුණු 68 ක් වශයෙන් රැස් කළා.
ලකුණු 130 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 03 ක්, සුගන්දිකා කුමාරි කඩුලු 02 ක්, ඕෂධි රණසිංහ කඩුලු 02ක් වශයෙන් ලබා ගත්තා.
ඒ අනුව දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු තරඟය ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…