Sunday, July 26, 2026
Homeක්‍රීඩාදකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ආරම්භ කරනමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (10) කේප්ටවුන්හි පැවැති තරඟයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි පන්දු 34 කින් ලකුණු 35 ක්, නායක චමරි අතපත්තු පන්දු 50 කින් අගනා ලකුණු 68 ක් වශයෙන් රැස් කළා.

ලකුණු 130 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 03 ක්, සුගන්දිකා කුමාරි කඩුලු 02 ක්, ඕෂධි රණසිංහ කඩුලු 02ක් වශයෙන් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු තරඟය ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

READ:   ජාතික සභා අනුකමිටුවක සභාපතීත්වය නාමල් රාජපක්ෂට (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්